ගැමුණුපුර මහා විදුහල් මාතා
දසදෙස කිත් හඬ නංවා
අප ජය බිම වේ අප උරුමය වේ
වොරැදේ අප විදුහල් මාතා
වොරැදේ අප විදුහල් මාතා
ගොවිබිම කෙත්බිම පිස එන සුළගේ
සිසිලෙන් හදවත් ඔපවත් කරනා
මියුගුණ සෑයේ රන්කොත් සෙවනේ
සුවයෙන් නිති ගුණදම් රකිනා
ගැමුණුපුර මහා විහල් මව්නි
ඔබේ නම සුරකිමු බැතිනි සදා
කුලමල දෑ ආගම් පිටු දකිමින්
සිප්සත වෙත අප යොමු කරනා
එඩි හැගුමන් හදවත් තුළ වඩමින්
සත්පුර වැසියන් බිහිකරනා
ගැමුණුපුර මහා විදුහල් මව්නි
ඔබේ නම සුරකිමු බැතිනි සදා